මේ වගේ දෙයක් නම් කරන්න තියා හිතන්නවත් එපා.. හොර ඡන්ද දැම්මොත් වෙන දෙය මෙන්න..
ජනාධිපතිවරණයක දී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ) පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වේ.
එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වේ.
ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න සඳහන් කළේ ය.
මෙකී චෝදනාවට වරදකරුවෙකු වන කෙනෙක්ට අවුරුදු 7ක කාලයක් ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම සහ මැතිවරණයකදී ඡන්දය දීමට නුසුදුස්සෙකු වන බව සඳහන් වේ.
මීට පෙර එම දඩ මුදල රුපියල් 500ක් වශයෙන් පැවතී ඇත.
ඒ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනත අනූව වේ.
කෙසේ වෙතත්, එම පනතට 2023 දී ගෙනා ස්ංශෝධනයක් මත මෙලෙස දඩ මුදල් ඉහළ දමා ඇත්තේ.