අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..

Report

සර්වජන, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යාවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වර්තමානයේ ලබාදී ඇති ව්‍යාජ සහනාධාර ක්‍රමය වෙනුවට 'හිතේ හයිය' නමැති උපාය මාර්ගික යෝජනාව තුළින් සෑම නිවසකටම අවම ආදායම රුපියල් ලක්ෂයක් දක්වා වැඩිකිරීමට අවශ්‍ය වැඩපිළිවෙල තමා විසින් දින වකවාණු සමග ඉදිරිපත් කර ඇති බව යි.

දැනෙන ගාණකින්?. උපයන විට ගෙවන බදු ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න..

දැනෙන ගාණකින්?. උපයන විට ගෙවන බදු ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායක සමිති නිලධාරීන්ගේ හමුවක දී ය.

එම හමුව දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"..මම ඇවිල්ලා තියෙන්නේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න නෙමෙයි. මම දේශපාලනයට එන්නේ දේශපාලනයෙන් යැපෙන්න නෙමෙයි. දේශපාලනයෙන් ගන්න දේකුත් නෑ. මට දෙන්න දෙයක් ඇරෙන්නට.

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)


අවුරුදු 6ක කාලයක් තුළ අපි ගම් 6,000ක විතර අපි විවිධ ව්‍යාපෘති, සමාජ සත්කාරක ව්‍යාපෘති මිලියන, බිලියන ගණන් වියදම් කරලා සිදුකරලා තියෙනවා. හැබැයි මාව ගොඩක් අය දැකලා නෑ..

මගේ අදහස වුණේ පුළුවන් තරම් සමාජ සත්කාර ක්‍රියාකාරකම් කරලා, අපි ලබාගත් ධනය කොහොමද ජනතාව අතර බෙදාගෙන අපි ඔක්කෝම සතුටින් ඉන්නේ කියලා.

මම බිලියන ගණනක බදු ගෙවලා තියෙනවා. ඒ වගේම සමාජ සත්කාර කරලා තියෙනවා. අවාසනාවකට වගේ මේ රටේ දේශපාලනයට මේක නැවුම් අත්දැකීමක්. මම දේශපාලනයට ආවේ මෙවන් පසුබිමක.

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..


අහිංසක ප්‍රාර්ථනාවන් ඇති ඔබ කොතරම් හොඳ මිනිස්සුද කියලා අපේ හදවතට දැනෙනවා. ලංකාවේ දේශපාලනය දීර්ඝ කාලයක් තිස්සේ අපිට අහිමිවෙමින් පැමිණ අද නැත්තටම නැති වෙලා තියෙන්නේ ඔබ ගැන තිබෙන සහකම්පනය.

මේ මිනිස්සු පව් කියලා හිතෙන්නේ නැති එක. ලංකාවේ 70%කට අධික ප්‍රමාණයක් ජීවත් වෙන්නේ සතුට කියන දේ ගැන ලොකු සංකල්පයක් නැතිව ඔබත් ඇතුළුව."