නව බන්ධනාගාර 200ක් සෑදීමට යයි..
By Sewvandhi
චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට එරට රජය තීරණය කර තිබේ.
දූෂණ විරෝධී මෙහෙයුම වේගවත් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගත් තීරණයට අනුව කටයුතු කිරීම වෙනුවෙන් මෙම බන්ධනාගාර ඉදිකෙරෙන බව සඳහන් වේ.
විදෙස් වාර්තා පවසන්නේ, එහිදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නීති උපදේශකයින් හෝ පවුලේ සාමාජිකයින් හමුවීමකින් තොරව මාස 06ක කාලයක් රඳවා තැබීම සඳහා අදාළ බන්ධනාගාර ඉදිකිරීමට නියමිත බවයි.
ලියුෂි ලෙස හැඳින්වූ මෙම බන්ධනාගාර 2018 වසරේ දී ද ඉදිකිරීමට පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් එම මධ්‍යස්ථානවල දී විවිධ වද හිංසනවලට ලක්කරන බව ද චෝදනා එල්ල වී තිබුණි.