ලංකාවට තවත් මාරකයක්.. ඉරාන නෞකා 20ක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයි - අමෙරිකානු සම්බාධක නිසා ලංකාවත් භීතියෙන්
ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට අතරමං වී ඇති බව වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරිනි.
ඒ අනුව දැඩි අමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා නිසා මෙම නෞකා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඇතැම් යාත්‍රාවල ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයක්ද මතු වී ඇති බව වාර්තා වේ.
මෙසේ ශ්‍රී ලංකා වෙරළ ආසන්නයේ නැංගුරම්ලා තිබෙන්නේ චීනයට බොරතෙල් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි, ඉරානයට සම්බන්ධ තෙල් රහිත නෞකා 20ක් පමණයි. මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ඉරානයේ තෙල් වෙළෙඳාමට සහය දක්වන පාර්ශ්වයන්ට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන්.
එමෙන්ම අඳාළ යාත්‍රා තුළ සිටින නාවිකයන් ආහාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබාගැනීමට උත්සාහ කළත්, අමෙරිකානු සම්බාධකවලට හසුවීමේ බිය හේතුවෙන් ඇතැම් ශ්‍රී ලංකා සැපයුම්කරුවන් සේවා සැපයීමට මැළිවීමෙන් ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණපා සිටින බව වාර්තා වේ.
අඳාළ නෞකා ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාවෙන් පිටත, එනම් එහි සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) අසල නැංඟුරම් ලා තිබීම හේතුවෙන්, මෙරට බලධාරීන්ට ඒවා කෙරෙහි පවතින නීතිමය බලතල සීමිත වී ඇති බව සඳහන්.
කෙසේ වුවද අඳාළ බලධාරීන් නෞකාවල ගමනාගමනය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව පවසයි.
ඒ අනුව මෙම තත්ත්වය ජාත්‍යන්තර සම්බාධක හමුවේ කලාපීය සාගර ප්‍රවාහනය සහ සැපයුම් ජාලය මුහුණ දී ඇති පුළුල් අර්බුදය මනාව පෙන්නුම් කරයි.
එමෙන්ම අතරමං වූ නැව්වල සිටින කාර්ය මණ්ඩලයේ මානුෂීය අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමුව ඇත.