මුහුදේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට - තවත් අයෙකුට අසාධ්‍යයි..(VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Sep 15, 2022 08:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන 11.40ට පමණ මෙය සිදුව ඇති අතර, රළ පහරට හසුව ගසාගෙන ගොස් සිටි එක් තරුණයෙක් බේරාගෙන බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව  වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් සෙසු දෙදෙනා බේරා ගැණුන ද ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. එලෙස දියේ ගිලී ඇත්තේ 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙකි.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now