උමතු බල්ලෙකු සප කෑමෙන් දරුවෙකු මිය ගිය අවාසනාවන්ත සිදුවීම..

By Sithumi Sep 25, 2022 06:07 PM GMT
Sithumi

Sithumi

Report

ජලභීතිකා රෝගය වැළදීමෙන් වාරියපොළ කනත්තෑවැව ප්‍රදේශයේ අවුරුදු 2ක දරුවෙකු මියගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් 03 වනදා උමතු බල්ලෙකු මෙම දරුවාට සපා කෑ අතර ඇයගේ නිවසේ සිටි සුනඛයා ද සපා කෑවා.

මෙම සුනඛයා උමතු සුනඛයකු වන්නට ඇතැයි යන සැකය මත දරුවාගේ මවුපියන් ඇයව එන්නත ලබාදීම සඳහා වාරියපොළ රෝහලට රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, ජලභීතිකා එන්නත වාරියපොළ රෝහලේ නොමැති බව දන්වා ඇයගේ දෙමාපියන් දරුවා නිකවැරටිය රෝහලට රැගෙන ගොස් සැප්තැම්බර් 4, 7 සහ 11 යන දිනවල මාත්‍රා 3ක් ලබාගෙන ඇත.

තවත් මාත්‍රාවක් ලබාදීමට නියමිතව තිබියදී ඒ අතරතුර දරුවාගේ තත්ත්වය නරක අතට හැරී සැප්තැම්බර් 21 වැනිදා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇත. ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු සැප්තැම්බර් 23 වැනි දින දරුවාට ඇති විය.