බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන දැන්වීම ඔබත් දැක්කද..

Report

පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඔන්ලයින් හරහා රුපියල් කෝටි දෙකකට අධික මුදල් වංචාකළ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපය පුරාම දැන්වීම් පළකර තිබුණි.

එම දැන්වීම නරඹා එහි ඇති සබැඳිය ඇතුළු වන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් ඊට ඇතුළත් කළ යුතු වෙයි.

පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

එලෙස ඇතුළුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තැම්පත් මුදල් ඔන්ලයින් හරහා පිරිසක් ජාවාරම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ, අදාළ ජාවාරම උණවටුන ප්‍රදේශයේ සිට සිදු කරන බවය.

නැති වුණ නඩු භාණ්ඩ හොයනකොට ඒවා ගත්ත කෙනා දැකලා මහේස්ත්‍රාත්වරයත් පුදුම වෙලා..

නැති වුණ නඩු භාණ්ඩ හොයනකොට ඒවා ගත්ත කෙනා දැකලා මහේස්ත්‍රාත්වරයත් පුදුම වෙලා..

එහි ගිය විමර්ශන නිලධාරීන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් දෙදෙනා යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙක් වන අතර ඔවුන් මීට දින 5කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර ටෙලිග්‍රෑම් සමූහයක් හරහා ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.