හෙට කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - නොදැන ආවොත් අමාරුවේ
හෙට (31) දිනයේ කොළඹ නගරය වෙත 2026 නව වසර උදාව සැමරීමට පිට පළාත්වලින් විශාල පිරිසක් සහ රථවාහන ගණනක් විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණීමට බලාපොරොත්තු වන බව පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව, මෙම ජන පිරිස නිසි පරිදි කළමනාකරණය කිරීම සහ තදබද වලින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන ප්‍රධාන පොලිස් වසම්වල රථවාහන තදබදයක් ඇතිවිය හැකි අතර, සාමාන්‍ය තත්ත්වයේදී රථවාහන ගමනාගමනය සාමාන්‍ය ආකාරයෙන්ම සිදු වේ.
ඒ වගේම අධික තදබදය ඇති වූ අවස්ථා වලදී පමණක් පොලීසිය විසින් විශේෂ රථවාහන මාර්ග හා නියාමන ක්‍රමවේද ක්‍රියාත්මක කර එම ප්‍රදේශවල ගමනේ පහසුකම සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම - එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම් ඕඩී හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම. ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථ වාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.
ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැකි බව දැනුම් දී තිබේ. බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.
ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
මෙම රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් පමණ ප්‍රමාණයක් යෙදවීමට සැලසුම්කර ඇත. මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති අතර එම රථගාල්වල රථවාහන 5,900 කට පමණ ගාල් කිරීමේ පහසුකම් සලසා ඇත.
* පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.
කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්. ඕ. ඩී රථගාල (බේරේ වැව දෙසට)
කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග
කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී.ආර්.විජේවර්ධන මාවත
කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිටවීමේ තීරුව පමණක් ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්
කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත
නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තීරුව (වම්පස)
කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්. ආර්. සේනානායක මාවත කුරුඳුවත්ත පොලිස් වසමේ
රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත
නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර