චීන නේපාල ද්වන්ද සටනකින් දේපළ හානි රැසක්..නේපාල ජාතිකයන් දෙදෙනෙකු අත්තඩංගුවට ..

By Piyumika Aug 10, 2024 06:21 AM GMT
Report

වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදු කළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පැවසීය .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාල ජාතික පතාක් අනීෂ් සහ අචාර්ය කල්‍යාන් නමැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.

කැලණි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්..

කැලණි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්..

සැකකාර නේපාල ජාතිකයන් දෙදෙනා චීන ජාතිකයන් පිරිසක් සමග ඇතිවූ කතාබහකින් පසු ඔවුන්ට පහරදී දේපල වලට හානිකර ඇති බව පොලිසිය සදහන් කර තිබේ .

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .