ගොඩක් දෙනෙක් බලන් හිටපු තවත් විභාග 2ක් කල් යයි. - එම විභාග මෙන්න. - (VIDEO)

Department of Examinations Sri Lanka Weather
By Wayomi Nov 28, 2024 07:19 AM GMT
Wayomi

Wayomi

Report

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව අද (28) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියා.

එමෙන්ම ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද (2016/24) එලෙස අදාළ දිනවලදී නොපැවැත්වෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් අද නිවේදනය කළේ එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවයි.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

හදිසි තීරණයක්. - ලංකා බැංකු ශාඛා රැසක් වසා දැමේ. - හේතුව මෙන්න. - වැඩි විස්තර පහතින්.

උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි. (VIDEO)

උසස් පෙළ විභාගය යළිත් කල් යයි. - යළි ආරම්භ වන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම් දෙයි. (VIDEO)

 

"දෙසැම්බර් 01 සහ 02 යොදාගෙන ඇති තවත් විභාග දෙකක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍යයි.පළවෙනි විභාගය ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය 2024. මෙම විභාගය දෙසැම්බර් 01 වනදා කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කර තිබෙනවා.

අනෙක් විභාගය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩයීම් විභාගය 2016/24.මේ විභාග දෙක අපි අදාළ දිනවල පවත්වන්නේ නැහැ. ඒ අනුව මෙම විභාග පැවැත්වීමේ දින ඉදිරියේදී අදාළ අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරනවා."     

ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

ණය ගෙවන්න පටන් ගත්තොත් රටට මොක්ක වෙයිද? - මහ බැංකු අධිපති කී දේ මෙන්න.

ඊයේ දිනයට වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයට වඩා රන් මිල යළි සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.


You may like this video


ReeCha