ත්‍රස්තවාදය යුක්ති සහගත බව කියාපෑමට උත්සාහ කළ නාට්‍යවේදිනියන් දෙදෙනෙකුට වැඩ වරදී..

By Piyumika Jul 10, 2024 02:57 AM GMT
Report

අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු හා විවාහ වූ රුසියානු කාන්තාවක් පිළිබඳ වේදිකා නාට්‍යයක් නිර්මාණය කර ත්‍රස්තවාදය යුක්ති සහගත බව කියාපෑමට උත්සාහ කළ බවට වරදකාරිනියන් කරමින් එම නාට්‍යයේ අධ්‍යක්ෂවරියට සහ නාට්‍ය රචිකාවියට මොස්කව් නුවර හමුදා අධිකරණයෙන් වසර 6 බැගින් සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

අධ්‍යක්ෂිකා යෙව්ගිනියා බර්කොවිච් සහ නාට්‍ය රචිකාවිය ස්වෙට්ලානා පෙට්‍රිචුක් ‘දි බ්‍රේව් ෆැල්කන් ෆිනිස්ට්‘ නමින් පසුගිය වසරේ මුල් භාගයේදී එම නාට්‍යය නිර්මාණය කර ඇති අතර, එම වසරේදිම මැයි මාසයේදි අත්අඩංගුවට පත්ව තිබිණි.

සිරියාවේ සිවිල් යුද්ධය අතරතුර එහි සංචාරය කළ රුසියානු කාන්තාවක් සිරියාවේදී අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු සමඟ විවාහ වීම එම නාට්‍යයට තේමාව වී ඇති අතර, එය සැබෑ පුවතක් පසුබිම් කරමින් නිර්මාණය කළ එම නාට්‍යයක් බව සඳහන් වේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නව පුහුණුකරුවකු යටතට..

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නව පුහුණුකරුවකු යටතට..

සිර දඬුවමට අමතරව වසර 6කින් නිදහස ලැබීමෙන් පසුව ද තවත් වසර 3ක් ගතවනතුරු කිසිදු සමාජ මාධ්‍යජාලයක් පවත්වාගෙන යෑමත් ඔවුන් දෙදෙනාට තහනම් කර තිබේ.

සිර දඬුවමේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතිඥවරයා පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.