ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

Report

ජනවාරි මස ‍සිට මේ දක්වා මාරක අනතුරු 2210කින් පුද්ගලයින් 2343ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පවසා ඇත.

මේ වසරේ මේ දක්වා බරපතල අනතුරු 4380ක් වාර්තා වන බවත් රියැදුරන් දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් හා පාසල් නිවාඩුවේදී දරුවන් සමඟ විනෝද චාරිකා යෑම සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර ඇත.

දරුණු අනතුරක් - බස් රථය මත ගහක් කඩන් වැටිලා 1ක් මරුට 10ක් රෝහලේ

දරුණු අනතුරක් - බස් රථය මත ගහක් කඩන් වැටිලා 1ක් මරුට 10ක් රෝහලේ

අධික වේගය, නොසැලකිල්ල, අන්තරාදායක ලෙස රිය ධාවනයෙන් වළකින ලෙසට රියැදුරන්ට තරයේ අවවාද කරන බවත් ශ්‍රී ලංකා පොලීසිය ඒ සඳහා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ‍ජලාශ අශ්‍රිතව ‍දියේ ගිලීම් වලක්වාලීම සඳහා පෙලිස් නිලධාරින් 700කට අධික පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර ඇත.

ජීවිතාරක්ෂක මුරපොළවල් 70ක් පමණ පිහිටුවා ඇති අතර මේ වසරේ දියේ ගිලීම් 260ක් වාර්තා වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද (06) ‍පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

රටම පරිස්සමෙන් - අනතුරු නිවේදන නිකුත් වේ

රටම පරිස්සමෙන් - අනතුරු නිවේදන නිකුත් වේ