1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් සේවාව ආරම්භ වෙයි

Report

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමට සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණු කර ගනිමින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව ආරම්භ විය.

  ඒ නාරාහේන්පිට ‘නිපුණතා පියස’ පරිශ්‍රයේ දී ඊයේ (06) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සදාහා වෘත්තීය අධ්‍යාපනය නියෝජ්‍ය අමාත්‍ය නලිින් නලින් හේවගේ මහතා ඇතුළු වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ විය.

ඒ අනුව ‘1966’ ක්ෂණික ඇමතුම් සේවාව මඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම තොරතුරක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ලබාගැනීමේ හැකියාව ඇත.

තවද මෙම සේවාවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) ඔස්සේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් විසින් සකස් කරන ලද ‘AI Chat BOT’ වෙත පිවිසෙන්නට හැකියාව පවතී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට

එතුළින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම ගැටලුවකට විසඳුම් ලබාගත හැක.

මෙහි දී අගමැතිතුමිය නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියත් සමග නව පාසල් විෂය ධාරාව යටතේ මූලිකව ඉගෙන ගනු ලබන වෘත්තීය අධ්‍යාපනය ඉදිරියට හැදෑරීම සඳහා නවීන තාක්ෂණය හා ඒකාබද්ධ වීමේ වැදගත්කම ප්‍රකාශ කර තිබේ.

තවද එතුමිය සදහන් කළේ වෙනස් කළ යුතු තැන් නොපැකිලව වෙනස් කරමින් වෘත්තීය අධ්‍යාපන ව්‍යුහය තුළ හෙට දින වැඩලෝකයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ගුණාත්මකව සංවර්ධනය කිරීමට අවශ්‍ය බවයි. 

ගම්මන්පිලගේ හඬ පටයක් රස පරීක්ෂකට යොමු කරයි

ගම්මන්පිලගේ හඬ පටයක් රස පරීක්ෂකට යොමු කරයි