හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
පසුගිය කාල සීමාවේදී ඔහු ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කෙරූ කාලයේදී තාරුණ්‍යයට හෙටක් සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ පනහක් ලබාදීම තුළින් මුදල් සාපරාදී ලෙස පරිහරණය කලා යයි චෝදනාවකටද චෝදනා ලැබ නිදොස් කොට නිදහස් වූ පුද්ගලයෙකි.
ඒ ඔහු වැරදිකරුවෙක් ලෙස කිසිදු සාක්ෂියක් ඔප්පු කිරීමට නොතිබූ නිසයි.