බලංගොඩ කැළඹෙයි - දියණිය අතුරුදහන් බවට පියා පැමිණිලි කරද්දි ඇගේ මළ සිරුරක් ගල්වලකින් මතුවෙයි
බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබෙන බවට ඊයේ (24) දින බලංගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 17ක් වූ බලංගොඩ ප්‍රදේශයේ සිසුවියක් බව සඳහන්.
එම සිසුවිය නිවසින් අතුරුදන්ව සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් තිබියදීයි ඇයගේ මෘත ශරීරය මෙසේ ගල්වලක තිබී හමු ව තිබෙනවා.
වසර 6ක් සේවය කළ ඔහු බිරිඳත් එක්කම යන්න යයි - අවසාන වශයෙනුත් ලංකාවට කෘතඥ වෙමින් චීන තානාපතිගෙන් සමුගැනීමේ පණිවිඩයක්
එය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, අද (25) දින පශ්චාත් මරණ පරික්ෂණය බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.