අගමැති වුණ දවසේ ඉඳලා නිදා ගන්නේ පැය තුනකටත් වඩා අඩුවෙන් - මිලියන 35ක් බලපු අගමැතිනියගේ සටහන නිසා ජපානය කැළඹෙයි

By Kaushi Jul 25, 2026 06:47 AM GMT
Report

ජපන් අගමැතිනි සානේ ටකයිචි විසින් අධික වැඩ බරක් නින්දක් නොමැතිව හසුරුවන ආකාරය පිළිබඳව පළ කරන ලද සටහනක් සම්බන්ධයෙන් පාලක සහ විපක්ෂ පක්ෂ සාමාජිකයින් විරෝධය පළ කර තිබෙනවා.

ඒ එවැනි වැඩ කිරීමේ සහ සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් ජාතියේ නායකයාට සුදුසු දැයි විමසමින්. අග්‍රාමාත්‍යවරිය සිය නිල 'X' ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, ජූලි මාසයේ ආරම්භයේ සිට සති අන්තවල ඇය "උදෑසන සිට රාත්‍රිය වන තුරුම ඝන ද්‍රව්‍ය තොග කියවා ඇති" බවයි.

එසේම ධුරයට පත්වූ තැන් සිට තමන්ට දිනකට ලැබෙන්නේ පැය 3කටත් අඩු නින්දක් බව ඇය සඳහන් කර ඇත.

එසේම ඉකුත් ජූලි 20 වැනිදා පැවැති ජපානයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන 'සාගර දිනය' වෙනුවෙන් තමන්ට පැය 5ක නින්දක් ලබාගැනීමට හැකි වූ බවත්, එය ඉතා දුර්ලභ වාසනාවක් වූ බවත්, ඇය සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක්

ඉන්දියාවම ඇවිලෙද්දි පැය 24 තුළ මෝදි දාපු වීඩියෝව නැරඹුම් වාර මිලියන 300 ක් පහු කරයි - වයරල් කරාට ස්තූති කරමින් තවත් වීඩියෝවක්

ඊට අමතරව අලුයම වන තෙක් රජයේ වැදගත් ප්‍රතිපත්තිමය ලේඛන සහ විද්‍යුත් තැපෑල (Emails) පරිශීලනය කරන බව සඳහන් කරන ඇය, රාජකාරි අතරතුර ලැබෙන කෙටි විවේක කාලයන්හිදී රෙදි සේදීම, මදින ලද ඇඳුම් සකස් කිරීම, ඇඳුම්වල බොත්තම් ඇල්ලීම, නාන කාමර පිරිසිදු කිරීම සහ ආබාධිත තත්ත්වයේ පසුවන සිය සැමියාගේ කටයුතු සොයා බැලීම වැනි නිවසේ දෛනික වැඩකටයුතු ද තමන් විසින්ම සිදු කරන බව පවසා ඇත.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරියගේ මෙම සටහන මිලියන 35කට අධික පිරිසක් නරඹා ඇති අතර, එමගින් ජපාන සමාජය තුළ විශාල සංවාදයක් ගොඩනැගී ඇති බව ද වාර්තා වේ.

වසර 6ක් සේවය කළ ඔහු බිරිඳත් එක්කම යන්න යයි - අවසාන වශයෙනුත් ලංකාවට කෘතඥ වෙමින් චීන තානාපතිගෙන් සමුගැනීමේ පණිවිඩයක්

වසර 6ක් සේවය කළ ඔහු බිරිඳත් එක්කම යන්න යයි - අවසාන වශයෙනුත් ලංකාවට කෘතඥ වෙමින් චීන තානාපතිගෙන් සමුගැනීමේ පණිවිඩයක්

මේ අතර ඇතමුන් ඇයගේ කැපවීම සහ මහන්සිය අගය කළද, විපක්ෂයේ දේශපාලනඥයින් පෙන්වා දෙන්නේ මෙසේ අතිශය අඩු නින්දක් ලැබීම රටක් පාලනය කරන නායකයෙකුගේ තීරණ ගැනීමේ හැකියාවට සහ මානසික ඒකාග්‍රතාවයට දැඩි ලෙස බලපාන බවයි.

එමෙන්ම අධික ලෙස වැඩ කිරීම නිසා සිදුවන මරණ පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති ජපානය වැනි රටක, රටේ අග්‍රාමාත්‍යවරියම මෙවැනි සෞඛ්‍යයට අහිතකර දීර්ඝ සේවා රටාවක් ප්‍රදර්ශනය කිරීම තුළින් සමාජයට වැරදි ආදර්ශයක් සැපයෙන බවට ද ඇයට රට තුළ විවේචන එල්ල වී ඇත.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්