“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” පුත්තලමේ කඩොලාන පද්ධති 8ක් රක්ෂිතයක් ලෙස ගැසට් කරයි

Report

පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රවලට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා 2026 ජූලි 27 දින අත්සන් තැබීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම පියවර ගනු ලබන්නේ ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව ක්‍රියාත්මක වන "කඩොලානට දලුලන්න ඉඩදෙන්න" ජාතික වැඩසටහන යටතේය

. එම වැඩසටහන 2025 ජූලි 26 දින පුත්තලම පාලවිය, කරඹ ප්‍රදේශයේදී ආරම්භ කර තිබුණි. රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනාන්තර අතර තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව කඩොලාන වනාන්තර ඇතුළත් වේ.

ඒවා පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටා ඇති අතර ජෛව විවිධත්වය, කාබන් තිර කිරීම සහ වෙරළබඩ පරිසර ආරක්ෂාව සඳහා වැදගත් පරිසර පද්ධති ලෙස සැලකේ.

දේශීය කිරි නිශ්පාදනය නංවන්න අයවැයෙන් මිලියන1,000ක්

දේශීය කිරි නිශ්පාදනය නංවන්න අයවැයෙන් මිලියන1,000ක්

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති නීතිමය ආරක්ෂාව යටතට ගෙන මතු පරපුර සඳහා සංරක්ෂණය කිරීම අරමුණු කර ඇති බවයි.

අමාත්‍යාංශයට අනුව, ශ්‍රී ලංකාවේ කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500ක් පමණ වන අතර එහි විශාලතම ව්‍යාප්තියක් පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබේ. මෙරට කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවද සඳහන් වේ.

සතුන්ට යළි හානි කළොත් ලක්ෂ ගණනක දඩයක් සමඟ සිරදඬුවම් — සත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

සතුන්ට යළි හානි කළොත් ලක්ෂ ගණනක දඩයක් සමඟ සිරදඬුවම් — සත්ව සුබසාධන පනත් කෙටුම්පතක්