පාසල් සිසුවෙකු පාලමකින් මා ඔයට පැන අතුරුදන් වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 13, 2023 08:21 AM GMT
krishani

krishani

Report

කොච්චිකඩේ - තෝප්පුව පාලමෙන් පාසල් සිසුවෙකු මා ඔයට පැන අතුරුදන්වීමේ පුවතක් වාර්තා වේ.

එම 17 හැවිරිදි පාසල් සිසුවාගේ පියා කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිසුවා මඩම්පැල්ල - අකරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු විසින් තවත් සිසුවෙකුට අයත් රුපියල් ලක්ෂ 3ක පමණ වටින ජංගම දුරකතනයකට හානි කළ බවට මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

පසුව දෙපාර්ශ්වය සමථයකට පත්ව ඇත.කොටස් වශයෙන් මුදල් ගෙවීමට එහිදී එකඟතාවකට පැමිණ තිබු අතර එම මුදල් ගෙවීමට යන බව පවසමින් නිවසින් පැමිණ ඇත.

ඉන් අනතුරුව සිසුවා මෙලෙස තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඇති බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join