හෙද සේවයට දැවැන්ත බඳවා ගැනීමක් - තරුණ තරුණියන් 13,600කට රජයෙන් සුපිරි අවස්ථාවක්
ඉදිරි වසර තුනක කාලය තුළ හෙද සේවාව සඳහා 13,600ක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම බඳවාගැනීම අදියර කිහිපයක් යටතේ සිදු කරන බවයි
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කරන ලද රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.
සමස්ත සෞඛ්‍ය සේවාව විවිධ අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන නමුත්, එම තත්ත්වයන් අවම කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය විසින් ක්‍රියාත්මක කරන බව ද ඔහු සදහන් කරයි.
හෙද සේවාව සඳහා බඳවා ගැනීමට නියමිත පිරිසෙන් 50%ක් මෙම වසර තුළම බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් යෝජිත හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමග හෙද පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
දැනට හෙද විදුහල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ හෙද හෙදියන් බඳවා ගන්නා බව ත් ඔහු සදහන් කරයි .
ඒ අනුව මෙම වසර තුළ හෙද විදුහලේ පුහුණුව සඳහා සිසුන් 3, 000ක් බඳවා ගන්නා අතර, මෙම මාසය අවසන් වන විට බඳවා ගැනීම් අවසන් කර පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .