ගත්තු වාහනවලින් අපි බදු විදිහට බිලියන 129ක් හෙව්වා, මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙම වසර ආරම්භයේ සිට මේ වන තුරු ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාව 133,678 ක් වේ.
ඒ අතරින් බහුතරයක් යතුරුපැදි වේ. එසේ යතුරුපැදි 100,451 ක් ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ.
එසේම ඉතිරි ලියාපදිංචි කිරීම්වලට අනුව, 20,535 ක් මෝටර් රථ වන අතර, ඉතිරිය ද්විත්ව කාර්ය වාහන, ලොරි රථ සහ ත්‍රී රෝද රථ ලෙස බෙදී යයි.
මේ අතර මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ පළමු භාගයේදී වාහන ආනයනයෙන් ලද බදු ආදායම රුපියල් බිලියන 129.1 ක් වේ.
එය ඉකුත් වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 335.6 ක සැලකිය යුතු වැඩිවීමක් බව සඳහන්.
ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස හය තුළ වාහන ආනයනයෙන් ලද බදු ආදායම රුපියල් බිලියන 29.6 ක් පමණක් බව පවසයි.