මල් නෙලන්න ගිය මල්කැකුළ සදහටම පරවෙයි
ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේ පිහිටි අමුණක ගිලී ළමයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. තවද ඊයේ (10) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12ක පිරිමි ළමයෙකි.
ගල්කිරියාගම, දේවහුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී දියේ ගිලී ඇති බව තොරතුරු වාර්තා වේ.
ගල්කිරියාගම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.