පානම නිවෙසකින් ජීව උණඩ 118 ක්
පානම ගම්මානයේ නිවසක් අලුත්වැඩියා කිරිමේදී ටයිල් කැටයක් යට සඟවා තිබූ එම් 16 ගිනි අවියට යොදන මි.මි. 5.56x45 වර්ගයේ උණ්ඩ 118 ක් පොලීසිය හමුවී ඇති බව වාර්තා වේ.
මෙම උණ්ඩ තොගය දැනට පානම පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, නිවසේ අයිතිකරු දැනට කොළඹ පදිංචිව සිටින අතර, නිවස අලුත්වැඩියා කිරීම ඔහුගේ සහෝදරයකුට භාර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.