ඊශ්‍රායල සාත්තු සේවයේ රැකියාවට 633ක්
මේ වසරේ ජනවාරි සිට අද (07) දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයන් 633 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇත.
ඊයේ (06) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා නොවැම්බර් 10 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 185 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයන් 17 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම සිදු විය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් 3023 දෙනකු හට හිමිවී ඇත.
ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා ඇත.