ආශ්චර්යයක් සිදු වෙයි - ලෝකෙම පුදුම කරමින් මුහුදට කඩා වැටුණු යානයේ සිටි මගීන් 11ම බේර ගන්න කළ මෙහෙයුම [VIDEO]
ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු පෞද්ගලික ගුවන් යානයක සිටි මගීන් සියදුදෙනා පැය කිහිපයකින් නිරුපද්‍රිතව මුදා ගැනීමට අමෙරිකානු ගුවන් හමුදා සහ වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබෙනවා.
ඒ එම මෙහෙයුම සඳහා පැය 5කට වැඩි කාලයක් ගත කරමින්.
ඒ අනුව මුදා ගැනීමට ගිය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයේ ඉන්ධන අවසන් වීමට විනාඩි 5ක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී මෙම පිරිස මුදා ගැනීමට හැකි වීම හාස්කමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මුදාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් මේජර් එලිසබෙත් පියෝවටි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ, "මේ සියලුදෙනාම දිවි බේරා ගැනීම සැබවින්ම ආශ්චර්යක්" බවයි.
බහමාස් දූපත් සමූහයේ සිට පියාසර කරමින් තිබූ මෙම එන්ජින් දෙකේ Turboprop වර්ගයේ ගුවන් යානය, ෆ්ලොරිඩාවේ මෙල්බර්න් වෙරළට සැතපුම් 80ක් පමණ දුරින් අත්ලාන්තික් සාගරයට කඩා වැටී තිබෙනවා. එම අවස්ථාවේ යානය තුළ වැඩිහිටියන් 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් යානය මුහුදට වැටීමත් සමඟ ක්‍රියාත්මක වූ හදිසි සංඥා පද්ධතිය ඔස්සේ වෙරළාරක්ෂක බලකාය දැනුවත් වී ඇති අතර, එවිට පුහුණු මෙහෙයුමක නිරතව සිටි අමෙරිකානු ගුවන් හමුදාවට අයත් HC-130J යානයක් වහාම එම ස්ථානයට යොමු කර ඇත.
ඒ අනුව අනතුර සිදුවී පැය පහක් පමණ ගතවන තුරු මෙම පිරිස ජීවිතාරක්ෂක පාරුවක ආධාරයෙන් මුහුදේ රැඳී සිට ඇති බව සඳහන්.
එසේම එම අවස්ථාවේ ගිගුරුම් සහිත වැසි එම ප්‍රදේශයට ළඟා වෙමින් තිබූ බවත් එසේ තිබියදී සහන කණ්ඩායම් විසින් ඔවුන්ව නිරීක්ෂණය කර ඇති අතර, හෙලිකොප්ටර් මඟින් ඔවුන්ව මුදාගැනීමට පෙර ආහාර, ජලය සහ අමතර ජීවිතාරක්ෂක මෙවලම් ගුවනින් හෙළීමට නිලධාරීන් පියවර ගෙන ඇති බවත් සඳහන්.
අනතුරුව සියලුදෙනා මුදා ගැනීමෙන් පසුව ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙල්බර්න් ඔර්ලෑන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පෞද්ගලික ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව හෙළි වී නොමැති අතර යානයේ එන්ජිමේ ඇති වූ දෝෂයක් මීට හේතු වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී සැක කරන බව සඳහන්.
රටවල් රැසක් කැළඹෙයි - පැතිරෙන විදිහ වෙනස් වීමත් එක්ක ලක්ෂණ මතු වෙන්න දින 42ක් යන හැන්ටා වෛරසයේ අතිශය භයානක ප්‍රභේදයක්
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,