ලේඛනගත පාතාලයෝ 10 ක් කොටුකරගත් අලුත්ම මෙහෙයුම.

Sri Lanka Police STF
By Wayomi Mar 28, 2024 05:09 AM GMT
Wayomi

Wayomi

Report

විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවන්10 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේ වනවිට ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.