10,11,12,13 අධ්‍යයන කටයුතු ඇරඹෙන දිනය ප්‍රකාශ කෙරේ.
By Sewvandhi
දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනි දා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අද දින මහනුවර දි දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත්, විභාග පැවැත්වීමට අදාල අංශ හා මේ වන විට සැලසුම් කිරිම ඉතා වැදගත් බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

