කුඩු නවත්තන ආපු ආණ්ඩුව නැවැත්තුවේ ලුණු කුඩු.. - ලුණුත් පිටරටින්

Report

ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 10,000ක ලුණු තොගයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා ලුණු සමාගම පවසයි.

මේ සමගම, ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත මෙට්‍රික් ටොන් 20,000ක ලුණු තොගයේ පළමු කොටස ලබන සතියේ රටට ගෙන ඒමට සැලසුම් කර ඇතැයි එම සමාගමේ සභාපති ටී. නන්දනතිලක මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගම විසින් ආනයනය කළ ලුණු තොගයෙන් කොටසක් මිලදී ගෙන, එය ජනතාව වෙනුවෙන් වෙළඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ලුණු සමාගම කටයුතු කර ඇත.

හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ ටිරාන් - දේශබන්දු පිටුපස ලුහුබඳින ආණ්ඩුව

හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ ටිරාන් - දේශබන්දු පිටුපස ලුහුබඳින ආණ්ඩුව

එසේම, තවත් මෙට්‍රික් ටොන් 10,000ක ලුණු තොගයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමටද ඔවුන් සමත්ව තිබේ.

මීට අමතරව, පසුගිය මැයි 14 වන දින ශ්‍රී ලංකා ලුණු සමාගම විසින් ග්‍රෑම් 400 බැගින් වූ ලුණු පැකට් ලක්ෂයක් ශ්‍රී ලංකා සතොස ආයතනය වෙත බෙදා හැර ඇතැයි නන්දනතිලක මහතා පැවසීය.

මෙම ආනයනය රට තුළ ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ගත් පියවරක් ලෙස සැලකෙන අතර, ඉදිරි සැපයුම් මගින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලුණු නිසි පරිදි ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මැයි මාසයේ සිට නවතින අස්වැසුමේ ඇත්ත නැත්ත මෙන්න...

මැයි මාසයේ සිට නවතින අස්වැසුමේ ඇත්ත නැත්ත මෙන්න...