මැයි මාසයේ සිට නවතින අස්වැසුමේ ඇත්ත නැත්ත මෙන්න...

Sri Lankan Peoples Aswasuma Sinhala news
By Shehan May 15, 2025 12:24 AM GMT
Shehan

Shehan

Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ 2025 මැයි මාසයේ සිට නවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මුලින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ පරිදි, සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් 2023 ජුනි සිට 2023 දෙසැම්බර් දක්වා පමණක් අනුමත කළ බවයි.

ඇය උපාධිධාරිනියක් සමාජ ක්‍රියාකාරිනියක්.කිරුළට සුදුසුම අනුදි

ඇය උපාධිධාරිනියක් සමාජ ක්‍රියාකාරිනියක්.කිරුළට සුදුසුම අනුදි

ඉන්පසු රජයේ තීරණයකට අනුව, මෙම කාණ්ඩය සඳහා ගෙවීම 2024 දෙසැම්බර් දක්වා දීර්ඝ කර ඇත.

මෙම කාණ්ඩය සඳහා ගෙවීම් 2025 මාර්තු මාසය දක්වා සිදුකිරීමට රජය නැවත තීරණය කළ බව වාර්තා වේ.

එසේම, මෙම දීමනාව 2025 අප්‍රේල් මාසය දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර, ඒ අනුව දීමනාව අප්‍රේල් දක්වා දීර්ඝ කළ බව සුබසාධක මණ්ඩලයේ නිවේදනයේ සඳහන් වේ.

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

කෙසේ වුවත්, සමාජ මාධ්‍යවල පැතිරෙන ප්‍රචාරවලට පටහැනිව, මෙම දීමනා එකවර නතර කිරීමක් සිදු නොවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කළේය.

ReeCha