කොවිඩ් ආසාදිතයන් 100 දෙනෙකුට මරණ 1ක්

sri lanka Covid deaths Covid virus
By Sithumi Jun 18, 2021 02:52 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ පසුගිය අප්‍රේල් මාසය තුළ රජය තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 110කි.

ඉන්පසු කොවිඩ් මරණවල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ මැයි මාසය තුළ රජය තහවුරු කළ සමස්ත මරණ ගණන 806 ක් ලෙස දැක්වේ. ජුනි මාසයේ මේ දක්වා කොවිඩ් මරණ 941ක් රජය විසින් තහවුරු කර තිබේ.

මේ අනුව අප්‍රේල් මාසය තුළ කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය පැවතියේ 04ක් ලෙසය. මැයි මාසය තුළ කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය 26 දක්වා වර්ධනය වී තිබුණි. කෙසේවෙතත් ජූනි මාසයේ දැනට ගෙවී තිබෙන දිනවලට සාපේක්ෂව ගතහොත් කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය පවතින්නේ 55ක් වැනි ඉහළ අගයකය

ඒ අතර මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් අතරින් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට සියයට 1 ඉක්මවා ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.

එනම් දළ වශයෙන් සෑම ආසාදිතයින් සිය දෙනෙකුගෙන්ම එක් අයෙකු කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන් පැහැදිලිය.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now