ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඩොලර් බිලියන 08ක සහනයක් - ජනාධිපති

Report

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අද (05) පෙරවරුවේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති උත්සවය අමතමින් කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ICC සම්මානයකට නිර්දේශ වූ විශ්මි ගුණරත්න...

ICC සම්මානයකට නිර්දේශ වූ විශ්මි ගුණරත්න...

තවදුරටත් අදහස් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණයහිමියන් එකඟවී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බව ය.

ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බව ජනාධිපති පෙන්වා දෙයි.