අධිවේගයේ දින දෙකකට ආදායම කෝටි 07 පනී..

Sri Lanka
By krishani Apr 17, 2023 06:43 AM GMT
krishani

krishani

Report

අද (17) උදෑසන 06න් අවසන් වූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගයන්හි ආදායම රුපියල් කෝටි 7ක් ඉක්මවා තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ග භාවිතා කිරීමෙන් මෙම ආදායම ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා සඳහන් කළේ ය.

එම කාලය තුළ අධිවේගී මාර්ග තුළ ධාවනය වූ වාහන සංඛ්‍යාව දෙලක්ෂ පනස් හය දහස පසුකර ඇති බවත් විශාල වාහන ප්‍රමාණයක් ගමන් ගත්ත ද මාරාන්තික අනතුරු සිදු නොවීම විශේෂ වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

කෙසේවෙතත්, අධිවේගී මාර්ගයේ ස්ථාන 41කට පමණක් තරමක හානි සිදු වී ඇති බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join