බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.

Report

අද (22) බෙලිඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වීය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න. | 06 Police Teams To Search For Beliatta Mass Murder

ඒ මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී මෙම වෙඩි තැබීම සිදු වීය.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05දෙනෙකු ඝාතනයට ලක් වී‍ය.

මෙම වෙඩි තැබීමෙන් 'අපේ ජනබල පක්ෂයේ' නායක සමන් පෙරේරා ද මියගොස් ඇති බව වාර්තා විය.  

බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න. | 06 Police Teams To Search For Beliatta Mass Murder

ඒ මහතා නඩු කටයුත්තක් සඳහා සහභාගී වීමට යන අතරතුර දී මෙම වෙඩි ප්‍රහාරයට ලක් ව තිබෙනවා.

අණාවරණය වූයේ කොළ පැහැති කැබ් රථයෙන් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එමෙන්ම මියගිය පිරිස පැමිණ ඇත්තේ ඩිෆෙන්ඩර් රථයකින් බවයි.

බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න. | 06 Police Teams To Search For Beliatta Mass Murder

වෙඩි වැදීමෙන් මියගිය සමන් පෙරේරා 2022 වසරේ ජූනි 05 වැනිදා තංගල්ලේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වසරේදී අගෝස්තු 24වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සහ වෙඩි තැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Sponsored By Sarrita Jewellery

බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න. | 06 Police Teams To Search For Beliatta Mass Murder