දෙනෝදාහක් ගැවසෙන පානදුරේ.. ගොඩනැගිලි 5ක් එකපාරට කඩා වැටිලා.. අනේ අම්මපා.. හීන් දාඩියත් දැම්මා..

By krishani Oct 30, 2024 02:22 PM GMT
Report

අද (30) දහවල් පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් එකවරම කඩාවැටී තිබෙනවා.

මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු ප්‍රදේශය විශාල දූවිල්ලකින් වැසී ගොස් ඇති බව වාර්තා විය.

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..

තවත් පාසල් නිවාඩුවක් ප්‍රකාශයට.. මෙන්න මේ පළාත්වල දරුවන්ට.. මේ දැන් ගත් තීරණය මෙන්න..


ජනප්‍රිය මාවතේ දෙපස කානු පද්ධතිය සකස් කිරීම සඳහා නගර සභාවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට පවරා ඇත.

අද දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිට තිබෙනවා.

එම බැකෝ යන්ත්‍රය සහ පස් පිරවූ ලොරි රථය ඉන් පිටත්ව යෑමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩාවැටී ඇති බව සඳහන් වේ.

බැකෝ යන්ත්‍රය නිසා පොළොවේ ඇතිවූ දෙදරීම මෙම අනතුරට හේතු වන්නට ඇති බව අසල සිටි ව්‍යාපාරිකයන් කියා සිටියේ ය.

එම ගොඩනැගිලි පහේ පහත මහල්වල දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ තවත් වෙළෙඳසැල් කිහිපයක් තිබී ඇත.

ඔක්තෝම්බර් 30ත් වුණා.. නිල නිවාස අද වෙනකම්ම.. නොදුන් හිටපු අමාත්‍යවරුන් ගැන ගත් තීරණය මෙන්න..

ඔක්තෝම්බර් 30ත් වුණා.. නිල නිවාස අද වෙනකම්ම.. නොදුන් හිටපු අමාත්‍යවරුන් ගැන ගත් තීරණය මෙන්න..


ඒවා සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේදී කඩ කාමර පහෙන් දෙකක් විවෘතව තිබූ අතර කඩකාමර තුනක් වසා තිබෙනවා.

කෙසේ වෙතත්, සිදුවූ අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.