සිරකරුවන්ටත් සූම් තාක්ෂණය.

Prisoners Zoom technology Agunukola prisoners
By Aruna Jun 13, 2021 05:53 AM GMT
Aruna

Aruna

Report

වැලිකඩ, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

"පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා.

ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි නම්බරයක් සහ වෙලාවක් ලබා දෙනවා.

ඒ වෙලාවට ආපුවාම සිරකරු සමග කතාබහ කරන්න ඒ ඥාතියට අවස්ථාව තියෙනවා.

" යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිෂිල්ඩ් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බන්ධනාගාර රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් පමණක් ක්‍රියාත්මක වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now