චීන නෞකාවට හම්බන්තොටට ඇතුළුවීමට අවසර

Hambantota Sri Lanka China Ship In Sri Lanka
By Sewvandhi Aug 13, 2022 11:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

චීනයේ "යුආන් වැන් 5" නෞකාවට අගෝස්තු 16 වනදා හම්බන්තොට වරායට ඇතුලුවීම වෙනුවෙන් අවසර ලබාදීමට විදේශ අමාත්‍යංශය තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

මතභේදයට තුඩු දුන් චීනයේ යුවාන් වෑන්ග් 5 අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව ඉන්දියානු සාගර කලාපය හරහා ශ්‍රී ලංකාව දෙසට තවමත් යාත්‍රා කරමින් තිබෙනවා.

හම්බන්තොට වරායට සේන්දුවීමට අවසරය ලැබෙන තෙක් එම චීන නෞකාව නාවික සැතපුම් 12ක පමණ දුරකින් රැඳී සිටිනු ඇති බවටයි වාර්තාවන්නේ.

හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා ඊට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවසරය මෙතෙක් හිමි වී නැහැ.

.............................................................

you may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now