තිදරු මවක් වන සිය පෙම්වතියට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සිය පෙම්වතියන්ට තෑගි ලබාදීමටත්, අන්තර්ජාලය ඔස්සේ මුදල් ආයෝජන කිරීමටත් සොරකමට යොමුව සිටි බව පෙන්වා ඇත.
කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක දී ඔහුව අත්අඩංගුවට ගත් විට, ඔහු සතුව ඥාතියෙකුගේ නිවසෙන් සොරාගත් මැණික් ගල් 61 ක් හමුවී තිබේ.
සොරකම් කළ මුදල් වලින් 27 හැවිරිදි තිදරු මවක් වන සිය පෙම්වතියට, ටික්ටොක් ඔස්සේ හඳුනාගත් තවත් පෙම්වතියන් දෙදෙනෙකුට ජංගම දුරකථන ලබාදී තිබීමද අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.