පුපුරණ ද්‍රව්‍ය සමග තරුණයෙක් කොටු වෙයි...සිදුවෙන්න ගිය ලොකු විනාශයක් නවතී....
නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව නිලාවේලි පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.
මෙම සැකකරු ත්‍රී රෝද රථයකින් වෝටර් ජෙල් නැමති පුපුරණ කරල් 27ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 500ක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.
සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේදීයි මෙම පුපුරන ද්‍රව්‍ය හමුවී ඇත්තේ.
නිලාවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් උපකරණ සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා නිලාවේලි පොලිසියට භාරදී ඇතැයි නාවික හමුදාව සඳහන් කළා.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණයස හ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24ක කාලය තුල සැකකරුවන් 376ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
එම කාලය තුල පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18ක්.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 78253ක් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටුවා ඇති මාර්ග බාධක 13ක් මගින් ඊයේ දිනය තුල වාහන 1593ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පරීක්ෂාවට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 2445ක්.
ඊයේ දිනය තුල මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් 225ක් ආපසු හරවා යවා ඇති අතර ඒ වාහන 109ක් ද සමගින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |