දැකපු පළමු දවසෙම සුන්දර තරුණියක්ව සිප ගත්ත අයෙකුට අවසානයේ සිදුවූ දේ මෙන්න...කාන්තාවන්ට විශේෂයි.

Police Sri Lanka Gossips Dewala kapuwa Dummalasooriya
By Aruna Oct 15, 2021 02:03 AM GMT
Aruna

Aruna

Report

කාන්තාවන්ට විශේෂයි. ‘ඔයා හරි ලස්සනයි මම ඔයාගේ ප්‍රශ්න ටික දෙවියන්ට කියල විසඳල දෙන්නම්.

දුම්මලසූරිය, යගන්වෙල ප්‍රදේශයේ පදිංචි මුදියන්සේලාගේ ජනක රත්නායක කපුවෙකි.

කොයි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මුදියන්සේ යන නමිනි.

දෙදරු පියකු වන මොහු දශක දෙකකට පමණ ආසන්න කාලයක් මෙම වෘත්තියේ නියැළෙයි.

ගම් ප්‍රදේශයේ නොවුණත් අවට ගම් දනව් වල මොහු ප්‍රසිද්ධ වූයේ දක්ෂ කපුවකු ලෙසින්ය.

අණවින කොඩිවින, බන්ධන ඇතුළු ඕනෑම දෙයක් කරගැනීමට හොඳම පුද්ගලයා තමන් බව ඔහුම පවසයි.

එහෙත් ප්‍රදේශවාසීහු මොහුගේ තරම හොඳාකාරවම දනිති. බහුතරයක් ප්‍රදේශවාසීන් පවසන්නේ මොහු කපුවකු නොව ස්ත්‍රීලෝලියකු බවයි.

දිනක් හලාවත ප්‍රදේශයේ තරුණයකු මෙම කපුවා සොයාගෙන පැමිණියේය.

ඒ තමන්ගේ ව්‍යාපාර තවදුරටත් දියුණු කර ගැනීම සඳහා ගුරුකමක් කර ගැනීමටයි. එම පැමිණි පුද්ගලයාගෙන් තුටුපඬුරු රැගෙන දේවාරූඪයෙන් ඔහු මෙලෙස පැවසුවේය.

‘‘දරුවෝ ඔයාගේ ව්‍යාපාර දැන් නතර වෙලා තියෙන්නේ. හරියට කරගෙන යන්න බැහැ .

ඔයාට තරහකාරයෝ වගයක් කොඩිවිනයක් කරල තියෙනවා. ඒක නිසා ඔයාගේ ව්‍යාපාර ඉදිරියේදී නැත්තටම නැති වෙන්න පුළුවන්.

ඔයා කොච්චර හම්බ කළත් සතයක් අතේ ඉතුරු වෙන්නේ නැහැ.” ‘‘මේ කොඩිවිනය ඉක්මනට අයින් නොකොළොත් ව්‍යාපාර පමණක් නොවෙයි ජීවිත හානියක් පවා සිදුවෙන්න පුළුවන්.

ඒක නිසා හැකි ඉක්මනින් කාලි මෑණියන්ට පූජාවක් තියල, මේ කොඩිවිනය අයින් කරගන්න ඕනෑ.

දරුවා කැමැති නම් ඒක මම කරල දෙන්නම්.” ආරූඪයෙන් කපුවා පැවසූ දෙය පැමිණි පුද්ගලයා හිස් මුදුනින් පිළිගත්තේය.

එලෙස පිළිගත් ඔහු කපුවාට මෙලෙස පැවසුවේය. ‘‘කපු මහත්තයා කීයක් ගියත් කමක් නෑ.

ඒ කොඩිවිනය අයින් කරල දෙන්න. ඔබතුමා කියපු දේවල් සීයට සීයක්ම හරි.” ඉන්පසු කපුවා විසින් ඔහුට දිනයක් ලබා දෙන ලදී. නියමිත දින කපුවා එම නිවසට ගොස් පූජාවක් තබා විශාල මුදලක් ද රැගෙන කොඩිවිනය අයින් කර දුන්නේය.

සතියකට පමණ පසු දුරකථන ඇමතුමක් ලබාදී එම පුද්ගලයා කපු මහතාට පැවසුවේ කොඩිවිනය අයින් කළ පසු තම ව්‍යාපාර දියුණු වන බවයි. ඇත්ත වශයෙන්ම ඔහුගේ ව්‍යාපාර දියුණු වූයේ උනන්දුව සහ කැපවීම නිසාය.

එහෙත් ඔහු සිතුවේ කපු මහතා කොඩිවිනය අයින් කළ නිසා තම ව්‍යාපාර දියුණු වන බවයි. ඉන්පසුව ඔහු සෑම දේම සිදු කළේ කපු මහතාගේ කීමට අනුවයි.

එතනින් නොනැවතුණු ඔහු මාදම්පේ සෙම්බුකුට්ටිය ප්‍රදේශයේ නිවසක ඔහුට දේවාලයක් පවත්වාගෙන යෑමට ද පහසුකම් සලසා දුන්නේය.

ඉන්පසු එම කපුවා එම නිවසේ පදිංචි වී දේවාල කටයුතු සිදු කළේය.

පිටතින් පැමිණි පුද්ගලයකු නිසා බොහෝ පිරිසක් මෙම කපුවා ළඟට ගොස් සෙත් සාන්ති, අණවින කොඩිවින ආදිය සිදුකර ගත්හ.

එලෙස කලක් ගත වෙද්දී එම ගම් දනව්වල ද මොහු දක්ෂ කපුවකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. දිනය පසුගිය 26 වැනිදාය.

එදින සවස මැදි වයස පසුකළ කාන්තාවක් සහ සුන්දර තරුණියක් එම දේවාලයට පැමිණියහ.

ඒ මෙම කපුවාගෙන් සාස්තරයක් අසාගැනීම සඳහාය. එලෙස පැමිණි තරුණිය දෙස කපුවා අමුතු බැල්මක් යොදා යටි සිතින් මෙලෙස සිතුවේය.

‘‘මෙච්චර ලස්සන තරුණියක් ජීවිතේට දැකල නෑ. අද මේකිව නිකන් යවන්න බෑ. දෙවියන් විකුණලා හරි මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ.

ඔය වගේ වැඩ මම පුරුදු වෙන්න කරන්නේ නැහැනෙ.” ‘‘මේකිව කොහොමහරි දැලේ දාගන්න ඕනෑ.

තනියෙන් ආවනම් වැඬේ ලේසියි. කමක් නැහැ අනිත් ගෑනිව මොකක් හරි බොරුවක් කියල පොඞ්ඩක් එහාට මෙහාට යවන්න ඕනෑ.” නැවත වරක් කපුවා ‘‘දැන් මේ දෙන්නගෙන් සාස්තර අහන්න කවුද ආවේ.” ‘‘මමයි කපු මහත්තයා.” සුන්දර තරුණිය උත්තර දුන්නාය.

‘‘එහෙනම් අනිත් කෙනා පොඞ්ඩක් පැත්තකට වෙලා ඉන්න. ඇතුළට එන්න එපා. විස්තර කියන කෙනා විතරයි ඉන්න ඕනෑ. ඒ අනුව අනෙක් කාන්තාව එම ස්ථානයෙන් එළියට ගියාය.

ඉන් පසු ඉතිරි වූයේ තරුණිය පමණි. ‘‘ඔයා හරි ලස්සනයි මම ඔයාගේ ප්‍රශ්න ටික දෙවියන්ට කියල විසඳල දෙන්නම්.

කිසි දේකට බය වෙන්න එපා. මාව විශ්වාස කරන්න. ආරූඪ වුණාට පසු මම කියන දේ කරන්න.

ඒ ආරූඩෙන් මම නෙවෙයි කියන්නේ දෙවියන්. එයාගේ කැමැත්තට අනුව ඔයා වැඩ කරන්න ඕනෑ.” තම සිතේ තිබුණු පහත් ආශාවන් ඉටුකර ගැනීම සඳහා කපුවා පළමුව එම තරුණියට එලෙස පැවසුවේය.

ඉන්පසු කපුවා බොරු ආරූඪයක් ගෙන විනාඩි දහයක් පමණ අමුතු භාෂාවකින් ගාථා වගයක් කීවේය. එලෙස කියා අවසන් කළ පසු ඔහු තරුණියට තමා ළඟට එන ලෙස පැවසුවේය.

තරුණිය කපුවාට මඳක් ළං වූවාය. ඒ සමගම කපුවා එම තරුණිය ළඟට ගෙන දෙවියන්ගේ කැමැත්ත යැයි පවසමින් එම තරුණියව සිප ගත්තේය.

එතැනින් නොනැවතුණු ඔහු බලහත්කාරයෙන් එම තරුණියට ලිංගික අඩන්තේට්ටම් සිදු කළේය. ඒ සමගම තරුණිය කපුවා පෙරළා දමා එතැනින් එළියට පැන ගත්තාය.

ඉන්පසු ඇය අනෙක් කාන්තාව සමඟ මාදම්පේ පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළාය. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු වහාම එම ස්ථානයට පැමිණ සැකකාර කපුවා අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔහු එතෙක් මෙතෙක් සිදුකළ ස්ත්‍රී දූෂණ සියල්ලම පාහේ එම නිලධාරීන් හට පැවසුවේය.

ඒ අනුව ඔහු මීට පෙර කුඩා ළමුන් ඇතුළු කාන්තාවන් දස දෙනකුට පමණ ලිංගික අඩන්තේට්ටම් කර තිබේ.

එලෙස එම කපුවා තරුණියකට ලිංගික අඩන්තේට්ටම් සිදු කරද්දී තවත් කපුවකු හෝකන්දර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රවටා රුපියල් ලක්ෂ දහයකට අධික රත්තරන් බඩු සොරාගෙන තිබේ. එම සිද්ධිය සැකවින් මෙසේය.

හෝකන්දර ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයකුගේ පියා අසනීප වී සිටියේය. ඒ අනුව එම ව්‍යාපාරිකයා මිතුරකු මාර්ගයෙන් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයකට ගියේ එම කපු මහතා විශ්ව බලයෙන් ලෙඩ සුව කරන අයකු බව තම මිතුරා පැවසූ පසුවයි.

දේවාලයට ගිය පසු කපුවා පවසා ඇත්තේ නිවසට පැමිණ ශාන්තිකර්මයක් සිදුකර විශ්ව බලයෙන් එම රෝගියා සුවපත් කළ හැකි බවයි.

එයට රුපියල් 120,000 ක පමණ මුදලක් අවශ්‍ය බවද පැවසිය.

ඒ අනුව ව්‍යාපාරිකයා ඔහුට රුපියල් 60,000 ක අත්තිකාරම් මුදලක් ද එදිනම ලබා දුන්නේය.

කපුවා එම මොහොතේම සිතාගත්තේ ඔහු හොඳ සල්ලිකාරයකු බවයි.

එලෙස සිතූ කපුවා යටි සිතේ තිබූ අදහසත් සමගින් නියමිත දින, කාලි මෑණියන් වැහෙන තම නැගණිය සහ දෙමවුපියන් සමඟ එම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණියේය.

එලෙස පැමිණ ඔහු රෝගියා පරික්ෂා කර ව්‍යාජ ආරූඪයක් ගෙන දෙමහල් නිවස හොඳින් පරීක්ෂා කළේය.

ඉන්පසු ඔහු නිවසේ විදුලිය විසන්ධි කරන ලෙස පවසා එක් කාමරයට ඇතුළු විය.

එම මොහොතේ ඔහුගේ අතේ ත්‍රිශූලයක් ද තිබුණි.

එලෙස ඇතුළු වූ ඔහු එම කාමරයේ අල්මාරිය විවෘත කර එහි ඇති වටිනා බඩු ඇඳ මත තබන ලෙස ව්‍යාපාරිකයාගේ බිරිඳට පැවසීය.

ඇය කපුවාගේ කීමට අනුව එම අල්මාරියේ තිබූ වටිනා රත්තරන් බඩු ඇතුළු සියල්ල ඇඳ මත තැබුවාය.

එලෙස තැබූ පසු කපුවා ආරූඪයෙන් තව මොන මොනවදෝ පැවසුවේය.

එලෙස පවසන අතර රත්තරන් බඩු කිහිපයක් ද සොරකම් කළේය.

ඒ අතර කාලි අම්මා වැහෙන ඇයගේ නැගණියද අරුඪ වෙමින් මොන මොනවාදෝ පැවසුවාය. ඉන්පසු දෙදෙනාම රෝගී පුද්ගලයා ළඟට ගොස් ශාන්තිකර්මයක් සිදු කළහ.

ශාන්ති කර්මය අවසානයේ කපුවා ‘‘කිසි දෙයකට බය වෙන්න එපා.

තව දවස් දෙක තුනකින් රෝගියා සම්පූර්ණයෙන්ම සුව වෙනවා’’ යැයි ව්‍යාපාරිකයාට පවසා පැමිණ සිටි පිරිස සමගින් පිටව ගියේය.

සතියක් පමණ ගත විය. එම රෝගියා මිය ගියේය. ඉන්පසු කපුවා ගැන සැක සිතූ එම ව්‍යාපාරිකයා තලංගම පොලිසියට ගොස් මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු ඇරැව්වල දේවාලයේ දී එම කපුවා අත්අඩංගුවට ගත්හ.

එලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම නිවසින් සොරාගත් ලක්ෂ දහයකට අධික රත්තරන් බඩු පිළිබඳව පැවසුවේය.

අවුරුදු විසි එකක් වයසැති එම සැකකාර කපුවා සොරාගත් රත්තරන් භාණ්ඩ පිළිබඳ විමසූ විට ඔහු ‘‘එම රත්තරන් භාණ්ඩ උණුකර දේවාලයේ වහල සැකසූ බව” පැවසුවේය.

දෙවියන් විකුණාගෙන කන මෙවැනි කපුවෝ බොහෝ සිටිති. එම නිසා ඔබත් (විශේෂයෙන්ම සුන්දර තරුණියන්) දේවාලයකට යෑමේදී ප්‍රවේශම්වන්න. දන්න අය ගැන නො


දන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න
වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.