හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු සහ හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායක මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා වන කනිෂ්ක සේනානායක මහතා වයස අවුරුදු 41දී අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහුගේ අභාවය පිළිබඳව දැනුම් දී තිබුණි.
“අපගේ දෑසින් දුරස් වුවද, කිසිදා අපගේ හදවත්වලින් දුරස් නොවනු ඇත! සහෝදරයා, ඔබට සැනසීමෙන් සැතපෙන්නට ලැබේවා!”
යනුවෙන් ප්‍රනාන්දු මහතා එහි සඳහන් කර ඇත
කනිෂ්ක සේනානායක මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළේය. තරුණ වියේ සිටම දේශපාලනයට සම්බන්ධ වූ ඔහු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමඟ දේශපාලන කටයුතුවල නිරත වී තිබේ.
මීට අමතරව, ආයතනික ක්ෂේත්රයේ විවිධ තනතුරු දැරූ ඔහු සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත. කනිෂ්ක සේනානායක මහතා, රොසි සේනානායක මහත්මිය සහ දිවංගත අතුල සේනානායක මහතාගේ දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වේ.