තැඹිලි ගහේ සිහිසුන් වූ තරුණයාට සිදු වූ දේ..

srilanka Kaluthara Coconut tree
By Sithumi Feb 10, 2022 11:58 AM GMT
Sithumi

Sithumi

Report

තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය වී ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ පොලිසිය එක්ව බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ පොලිසිය කියයි

. මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකි. දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කළ මන්නා පහරක් වම් පාදයකට වැදී ඇතිවූ අධික රුධිර වහනය සමගින් ඔහු සිහි මුර්ජා වී ගස උඩ සිරවී ඇත.

කළුතර නගර සභාවට සිද්ධිය සැලවීමත් සමගින් නගරාධිපති අමීර් නසීර් මහතා ගේ උපදෙස් පරිදි , ස්ථාන භාර ගිනි නිළධාරී ටී.ඒ.යූ.එස්. කුරේ ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි රථයක් සමග ස්ථානයට පිටත්කර යවා දැඩි පරිශ්‍රමයක් දරා තුවාල කරු බිමට ගෙන රෝහල් ගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now