වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය නිමේෂ්ගේ මෘත ශරීරය යළි ගොඩගැනීමට නියෝගයක්
By Shehan
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන, විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් වෛද්‍ය කමිටුවක් මඟින් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා.
අගතියට පත් පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝගය ලබා දුන්නා.