හීන වලට මහන්සි වෙන ඔයාට
ඔයා ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න කැපවෙන කෙනෙක්ද ?
තමන්ගේ උපරිම මහන්සියෙන් තව කෙනෙකුට ඊර්ශ්‍යාවක් නැතුව ජීවත් වන කෙනෙක්ද?
ඒ වගේම ඔබත් එක්ක එකට ඉන්න අයට අංචි අදින්නේ නැතුව හදවතින්ම මට ගොඩ යන්න ඕනෙ කියලා හිතන කෙනෙක්නම්
ඔයාට කවදහරි දවසක සතුට උදා වෙනවමයි.
ජීවිතේ ඔයා පැරදෙන්න පුළුවන් .ඒත් කවදහරි දවසක ඔබ නොහිතන විදිහේ සතුටක් වගේම ජයග්‍රණත් ඔබට ලැබේවි .
ඉතිං රෑ නිදි මරාගන ජීවිතේ දිනන්න උත්සාහ කරන හැම කෙනෙකුට උතුරන්න හරියන්න ඕන.

ඔයත් හදවතින්ම ඒ විදිහට උනන්දුවෙන් ගේමක් ගහන කෙනෙක්නම් ඔයාට වරදින්න විදිහක් නැහැ.
සමහරවිට පරක්කු වෙලා හරි ඔබ යහපත් සිතින් හිතන පතන දේ ඔබට ලැබේවි.
ඒ වගේම ඔයාල දන්නව අපේ ලංකාවෙ විතරක් නෙමෙයි අපේ ආදරණීයන් පවුලෙන් නෑදෑයන්ගෙන් , මිතුරන්ගෙ ඈත් වෙලා තමන්ගේ හීන වෙනුවෙන් ඈත රටක තනිවෙලා රක්ෂාවල් කරනවා. ඒ වගේම ඉගන ගන්නවා.
ඒ විදියට දුක් විදිමින් කැපවෙන හැම කෙනෙක්ගෙම හීන සාර්ථක වෙන්න ඕනේ.

අපි හැමෝම දිනනකම් කාටත් වඩා අපෙ අම්මා තාත්තා ආදරයෙන් බලාගෙන ඉන්නවා . ඔයා අමමා ,තාත්ත ළග නැති කෙනෙක්ද ඒත් ඔයාට එයාගේ ආශීර්වාදය හැමදාම ලැබෙනවා.
ඒ වගේම ඔයා හීන වලට යන ගමනෙදි ඔයාගේ සතුට අමතක කරන්නත් එපා.කියන්නම ඕනේ මොකුත්ම නැති කාලේ ඔයාට උදව් කරපු හැමෝම මතක තියාගන්න. ඒ අය තමයි ඔයා ජීවිතේ ගොඩයන්න උත්සහ කරන කාලේ ළගින් හිටියේ එහෙම නේද?
ඉතිං ඔයත් ඔයාගේ හීන වලට මහන්සි වෙන්න . එතනදී ඔයාට වරදීවි, වැටේවි රිදේවි ඒත් කවදහරි දවසක හරියාවි.