ඩේසි ආච්චිගේ මානසික තත්ත්වය පෙන්නලා නඩුව කල් යයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන දෙදෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව අප්‍රේල් මස 24 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (09, ) නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවුණා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවාද යන්න සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බවයි.

ගිනි ගැසුණු මාධ්‍ය අධිපති - ජිම්ලායිට 20 වසරක සිර දඬුවම්

ගිනි ගැසුණු මාධ්‍ය අධිපති - ජිම්ලායිට 20 වසරක සිර දඬුවම්

ඒ අනුව, අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව අප්‍රේල් 24 දින යළි කැඳවීමට නියෝග කළා.

මෙම නඩුවේ චෝදනාවන්ට අනුව, 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ රුපියල් මිලියන 59කට අධික මුදලක් (සමහර වාර්තාවල මිලියන 73 දක්වා සඳහන්) අයථා ලෙස උපයාගෙන, එය පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ලෙස තැන්පත් කිරීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවටයි නීතිපතිවරයා චෝදනා කර ඇත්තේ.

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

ඩේසි ෆොරස්ට් මහත්මිය (වයස අවුරුදු 97කට ආසන්න) මීට පෙරත් මෙම නඩුවේදී මානසික සෞඛ්‍ය තත්ත්වය (ඩිමෙන්ෂියා, ඇල්ෂයිමර් රෝග ආදිය) සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් වුණා. අධිකරණය මීට පෙරත් ඇයට වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට නියෝග කර තිබුණා.

මෙම නඩුව 2025 අප්‍රේල් මාසයේදී අධිචෝදනා භාර දීමෙන් පසුව පූර්ව නඩු විභාග අදියරේ පවතින අතර, ඩේසි ආච්චිගේ මානසික තත්ත්වය හේතුවෙන් නඩු ක්‍රියාවලියේ ප්‍රමාදයන් සිදුව තිබෙනවා. තවදුරටත් වෛද්‍ය වාර්තාව ලැබුණු පසු නඩුවේ ඉදිරි ගමන් මග තීරණය වෙයි.

ලංකාවේ තරුණියන්ව තුට්ටු දෙකට දාපු කොරියාව - ලංකාවේ තරුණියන්ව ආනයනය කරන්න ඕනේ කිව්වට ලොකු දඩුවමක්

ලංකාවේ තරුණියන්ව තුට්ටු දෙකට දාපු කොරියාව - ලංකාවේ තරුණියන්ව ආනයනය කරන්න ඕනේ කිව්වට ලොකු දඩුවමක්