රටම බලාසිටින දෙවිනුවර දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පේළි පෙරහැර අද සිට
By Kanchana
දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පේළි පෙරහර අද ආරම්භ වේ.
රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ ලබන 29 වනදායි.
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලින මදුශංක අබේරත්න මහතා ප්‍රකාශ කළේ ඉන් අනතුරුව අගෝස්තු 4 වනදා කෝල්මුර යාගය පැවැත්වෙන අතර, අගෝස්තු 5 වැනිදා මහා දේව දානය සමඟ මෙවර ඇසළ මංගල්‍යයේ කටයුතු අවසන් කෙරෙන බවයි