යාපනේ ඉඩමක තිබී හමුවූ සුවිශේෂිම දේ..
යාපනය කයිට්ස් අල්ලෙයිපිට්ටි ප්‍රදේශයේ ඉඩමක තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගත් බව යාපනය, කයිට්ස් පොලිසිය පවසනවා.
ඉඩමේ අයිතිකරු සිය ගෙවත්තේ ඉදිකිරීමක් සිදුකිරීමට වළවල් කැපීමේදී පළමුවරට මිනිස් හිස් කබලක කොටස් කිහිපයක් දැක ඇති අතර, අනතුරු පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා කයිට්ස් පොලිසිය දැනුවත් කොට තිබුණා.
පසුව අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට,කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් සිදුකළ බවද පොලිසිය පැවසසූ අතර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ, අධිකරණ වෛද්‍ය නිළධාරි,අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන්, බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්ගේ ඒකාබද්ධතාවයෙන් අස්ථි කොටස් හමුවු ස්ථානය පරීක්ෂා කිරීමේදී මිනිස් අස්ථි කොටස් 30 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවද පොලිසිය සඳහන් කළා.
හමුවු අස්ථි කොටස් එක් පුද්ගලයෙකුගේ විය හැකි බවට පොලිස් නිළධාරීන් සැක පළ කරන අතර, හමුවු අස්ථි කොටස් අධිකරණ නියෝගයන් මත යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරි වෙතට යොමු කොට ඇතැයි පරික්ෂණ සිදුකරන කයිට්ස් පොලීසිය පවසනවා.