දුම්රිය ධාවන වේලාවන් වෙනස් වෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන වේලාවන් යාවත්කාලීන කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙම සංශෝධනය සිදුකෙරෙන්නේ එම මාර්ගය භාවිතා කරන මහජනතාවගෙන් ලැබුණු දැඩි ඉල්ලීමක් මතය.
ඒ අනුව, සති අන්ත වලට පමණක් ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (07) සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට නියමිතය.
එමෙන්ම, කොළඹ කොටුවෙන් පෙරවරු 5.45ට පිටත් වී කන්කසන්තුරයට යෑමට නියමිත යාල්දේවි දුම්රියේ පිටත් වන වේලාවද හෙට සිට වෙනස් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නව වේලාව අනුව, යාල්දේවි දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වන්නේ පෙරවරු 6.40ට වන අතර, මීට මාසයකට පෙර ආසන වෙන් කරගෙන ඇති මගීන්ටද මෙම නව වේලාව අනුව ගමන් කිරීම අවශ්‍ය වන බවද නිවේදනයේ සඳහන් වෙයි.