එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළ අතුරු දීමනාව භාණ්ඩාගාරයට - ලැබුණු මුදල මෙන්න...

Ranjith Siyambalapitiya Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Sep 24, 2023 08:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මෙම මුදල ලබාදී තිබෙන්නේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ පිරිවැය සහ ධීවරයින් වෙනුවෙන් අතුරු දීමනාවක් ලෙසයි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම විසින් අදාළ ගෙවීම් සිදුකර ඇති බවය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව ඉදිරි වසර කිහිපය තුළ මෙරට විදෙස් ණය ප්‍රතිශතය අඩු කිරීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

ඔහු පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡා සියල්ල මේ වන විට සාර්ථක වී ඇති බවය. කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ReeCha