ගිනි ගන්නා නැව තව පැය කිහිපයකින් මුහුදු බත් වෙයි.(VIDEO)

Sri lanka Navy Indian Parl fire ship
By Aruna May 27, 2021 04:47 AM GMT
Aruna

Aruna

Report

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවය.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වන වෙරළ තීරයට ඊයේ අලුයම සිට ගොඩගසා තිබුණා.

පසුව එහි ජනතාව එම ද්‍රව්‍ය එක්රැස් කිරීමේ කටයුතුවල නිරත වීමත් සමඟ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දුන්නේ අදාළ කොටස් ශරීර සෞඛ්‍යට අහිතකර බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි.

එලෙස මුහුදට වැටුණු රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඊයේ පොලීසිය ආරම්භ කරනු ලැබුවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර පැවසුවේ මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට අම්ල වැසි ඇති වීමේ අවදානමක් පවතින බවයි.

මේ ඇතුළු දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now