දැන්වත් තෙල් මිල අඩුවෙයිද...? ඇමරිකාවෙන් ලෝක වෙලදපොලට බොරතෙල් ...

crude oil World news Gagana news Petroleum in America
By Subodha Mar 02, 2022 07:11 AM GMT
Subodha

Subodha

Report

ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කළේය.

ඒකාබද්ධ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (අයි.ඉ.ඒ) රැස්වීමකින් පසුව රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් අහස උසට නගින බොරතෙල් බැරලයක මිල පාලනය කිරීම සඳහා සාමාජික රටවල් 30 විසින් තම අතිරේක බොරතෙල් සංචිත වලින් බොරතෙල් බැරල් මිලියන 60 ක් ලෝක වෙළඳපොල වෙත නිදහස් කිරීමට එකඟ වී ඇත.

අද (2) ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 109.83 වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 108.10 විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now