ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආසියාවට විශේෂ දැනුම්දීමක්.
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාතික කලාපීය රටවලට දැනුම්දීමක් කරනවා.
ලොව රටවල් කිහිපයකින්ම මේ වනවිට නව වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියා - පැසිෆික් කලාපයේ රටවලට දැනුම්දෙන්නේ මේ නිසා පරික්ෂාවන් මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ශක්තිමත් කොට එන්නත්කරණ ආවරණය ඉහළ නංවන ලෙසයි.
කලාපයේ බොහෝ රටවල කොරෝනා ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුණ ද, ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මගින් අප තවදුරටත් වෛරසයට එරෙහි ආරක්ෂාවක් ලැබිය යුතු බව පෙන්වා දෙනවා.
මේ නිසා එම සෞඛ්‍යාරක්ෂණ පියවර තවදුරටත් අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.
විශේෂයෙන් වෛරසයට නිරාවරණය වීම වළක්වන මුව ආවරණ නිසි ලෙස පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් ඒ අතරින් වැදගත් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |